ඩෙන්මාර්කයේ මහ මැතිවරණය අද (18දා) දින ආරම්භ වූ අතර, මැතිවරණ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණය අතිශය කරටකර තරගයක් වනු ඇති බවයි.
මධ්‍ය-වාමාංශික සන්ධානයේ වත්මන් අගමැතිනී හෙල්ලේ තොර්නින්ග්-ෂෙමිට් සහ මධ්‍ය-දක්ෂිණාංශික විරුද්ධ පක්ෂ නායක හිටපු අගමැති ලාර්ස් ලොකේ රස්මුසේන් අතර මෙම කරට කර තරගය ඇති වී තිබේ.
කෙසේ වෙතත්, මැතිවරණය පුරෝකථනයන් හිදී ඩෙන්මාර්ක ප්‍රධාන භූමියේ ඡන්දදායකයන් සම්බන්ධයෙන් පමණක් විශ්ලේෂණය කර ඇති නිසා, ග්‍රීන්ලන්තය හා ෆෝරේ දූපත්වල ඡන්දදායක කැමැත්ත මැතිවරණයේ ජයග්‍රහණය තීරණය කරනු ඇති බවද කියැවෙයි.
විශේෂයෙන්ම ෆෝරේ දූපත්වල ධීවර කටයුතුවල නිරත සුළුතර ජනකොටස්වල ඡන්දය මැතිවරණය කෙරෙහි තීරණාත්මක සාධකයන් වනු ඇති බවද පැවසෙයි.