ඩුබායි හි පිටිහි ලෝකයේ උසම ගොඩනැගිලිවලින් එකක් ලෙස සැලකෙන ‘ටෝර්ච් ටවර්’ ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් ඇතිවීම හේතුවෙන් දහස් ගණනක් පිරිස් ආරක්ෂක ස්ථාන වෙත ඉවත්කර යැවුණු බව විදෙස් වාර්තා පවසයි.
ඩුබායි හි මැරිනා නුවර ඇති අහස සිඹින මෙම ගොඩනැගිල්ලේ 50 වැනි මහලේ ඇති වූ මෙම ගින්න ක්ෂණිකව ඉහළ මහල් දක්වා පැතිර ගිය නමුත්, ගිනි නිවන හමුදාව සහ ආපදා සහන සේවා භටයින්ගේ කාර්යක්ෂමතාව හේතුවෙන් එය වහා පාලනය කරගත හැකිවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මේ තත්ත්වය තුළ ගින්න හේතුවෙන් සිදුවූ ආපදාවන් හෝ තුවාලකරුවන් කිසිවෙක් පිළිබඳ වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.
මීට වසර 24කට පෙර විවෘත කරන ලද ‘ටෝර්ච් ටවර්’ ගොඩනැගිල්ල මීටර් 300කට වඩා උසින් යුතු ගොඩනැගිල්ලකි.
ගොඩනැගිල්ලේ ගින්න පැතිර යන ආකාරය අසල සිටියවුන් විසින් වීඩියෝ කර සමාජජාල වෙබ් අඩවි හරහා ප්රසිද්ධ කර තිබූ අතර, ගින්න වේගයෙන් ඉහළ නගින ආකාරය ඒවායෙහි දිස්වී තිබුණි.