චීනයේ නිෂ්පාදිත ඩ්‍රෝන යනා යොදා ගනිමින් ස්වයංක්‍රීය මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවයක් ආරම්භ කිරීම සඳහා ඩුබායි බලධාරීහු පවසති.
ඒ අනුව, මෙම ඊහැන්ග් 184 නමැති ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම ඩ්‍රෝන යානා සේවය දැනටමත් අත්හදා බලා ඇති බවත්, එලැඹෙන ජූලි මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් එරට මහා මාර්ග හා ප්‍රවාහන ඒජන්සිය පවසයි.
කුඩා හෙලිකොප්ටර් යානයක් වැනි වූ මෙම ඩ්‍රෝන යානාවල වරකට එක් මගියෙකු හෝ කිලෝ ග්‍රෑම් 100ක බරක් ඔසවාගෙන විනාඩි 30ක උපරිම කාලයක් පියාසර කළ හැකි බවද සඳහන් වෙයි.
එහිදී, එම කුඩා ඩ්‍රෝන යානයේ වූ පරිගණකයේ තමාට යා යුතු ස්ථානය සටහන් කිරීමෙන් පසුව වෙනත් කිසිදු නියමුවෙකු හෝ පාලකයෙකු නොමැතිව එම යානය ස්වයංක්‍රීයව අදාළ ස්ථානය වෙත ගමන් කෙරෙන බවද සඳහන් වෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අවශ්‍යව ඇත්තේ වර්ෂ 2030 වනවිට සමස්ත මගීන්ගෙන් 25%ක් රියදුරන් රහිත වාහනවල ගමන් කරනු දැකීමයි.