ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් එරට පරිසර ආරක්ෂණ ඒජන්සියේ ප්රධානියා ලෙස පත්කළ ස්කොට් පෘයිට් සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ.
සෙනට් මණ්ඩලයේ ඩිමොක්රටික් සභිකයන් මෙම පත්වීම වැළැක්වීමට උත්සාහ කළත්, රිපබ්ලිකන්වරු ඊට අනුමැතිය ලබාදී තිබේ.
ඩිමොක්රටික් පක්ෂය චෝදනා කරන්නේ මොහු තෙල් සමාගම් සමග සමීප ඇසුරක් පවත්වන්නෙකු බැවින් ඔහු පාරිසරික ආරක්ෂණ ඒජන්සියට සුදුසු පුද්ගලයෙකු නොවන බවයි.
කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා පැවති තහවුරු කිරීමේ ඡන්ද විමසීමේදී ඡන්ද 52 ට 46ක් ලෙස වැඩි ඡන්ද 6ක් ලබමින් සිය ධුරයේ දිවුරුම්දීම සිදුකළේය.