සිරියාවේ අගනගරය වන ඩමස්කස් නගරයට ආසන්නයෙන් අද (31දා) සිදුවූ පිපිරීම් මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 45ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
බස් රථ නැවතුම් පොළකට කඩා වැදුණු බෝම්බ අටවාගත් මෝටර් රථයක් සමග තවත් මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් ලෙස මෙම ප්‍රහාර මාලාව දියත් වී තිබේ.
එහිදී, ප්‍රථම ප්‍රහාරයෙන් පසුව එම ස්ථානයට උදව්වට පැමිණි ජනතාව මෙන්ම, සෞඛ්‍ය සේවකයන් මෙම දෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාරවල ඉලක්කය වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ ප්‍රහාරයක් ලෙස විශ්වාස කෙරෙයි.