බංග්ලාදේශයේ ඩකා නුවර ඉතාලි අවන්හලට එල්ල වූ ප්‍රහාරයේදී මුලින් ප්‍රහාරකයෙකු ලෙස සැකකෙරුණු අයෙකු, ප්‍රහාරයට නතු වූ ප්‍රාණ ඇපකරුවෙකු බව මේ වනවිට අනාවරණය වී ඇතැයි එරට පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරයේදී ත්රස්තවාදීන් හය දෙනෙකු මරා දැමීමට හැකි වූ බව එරට ආරක්ෂක අංශ පවසා සිටියත්, ඒ අතර සිටින එක් අයෙකු සිවිල් වැසියෙකු බවත්, ඔහු ජීවිතක්ෂයට පත්වූයේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
සයිෆුල් ඉස්ලාම් චොව්කිදාර් ලෙස සැලකෙන මෙම පුද්ගලයා හෝලෙ ආටිසන් බේකරියේ පීට්සා සැකසුම් සූපවේදියා බවත්, ඔහු කිසිදු ආකාරයක ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, මුලින් ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ වැරදීමකින් බවත් එරට පොලීසිය වැඩිදුරත් පවසයි.
පසුගිය සිකුරාදා බංග්ලාදේශයේ ඩකා අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව මේ සමග 23 දක්වා ඉහළ යන අතර, මියගිය ත්රස්තයන්ගේ සංඛ්‍යාව 5 දක්වා අඩුවෙයි.