පුද්ගලයන් 56 දෙනෙකුට මරු කැඳවමින් තවත් 721 දෙනෙකුට තුවාල සිදුකළ චීනයේ ටියෑන්ජින් පිපිරීමත් සමග එරට ගබඩාකර ඇති සියලුම රසායන ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කිරීමට එරට රජය තීරණය කර තිබේ.
එමෙන්ම, මෙම රසායන ද්‍රව්‍ය සම්බන්ධ සියලු ආකාරයේ නීතිවිරෝධී කටයුතු නවතා දැමීමටද එරට කැබිනට් මණ්ඩලය විසින් නිලධාරීනට දැඩිව උපදෙස් ලබාදී ඇත.
ටියෑන්ජින් ගබඩා සංකීර්ණ පිපිරුම සම්පූර්ණයෙන්ම පාහේ ආරක්ෂණ විධිවිධාන නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් බවට චෝදනා නැගෙයි.