ඉරාකයේ ටික්රිට් නගරය IS ඉස්ලාමීය රාජ්ය සටන්කාමීන්ගෙන් බේරාගැනීමට කටයුතු කළ එරට ෂියා සටන්කාමීන් නගරය තුළ ඇති කර තිබෙන භීෂණය හා මංකොල්ලකෑම් හේතුවෙන් ඔවුන් කෙරෙහි දැඩි ජනතා විරෝධයක් මතුවන බව විදෙස් වාර්තා පවසයි.
රජයට පක්ෂපාතී සටන් කණ්ඩායම්වලින් සැදි මෙම ෂියා සටන්කාමීන් පසුගිය සති කිහිපයේදී ටික්රිට් නගරය IS සටන්කාමීන්ගෙන් බේරාගනු ලැබීය.
නමුත්, ටිකර්ට් ජනතාව චෝදනා නගමින් පවසන්නේ ඔවුන්ගේ පැමිණීමත් සමග නගරයේ වාහන පැහැර ගැනීම් හා රජයේ ගොඩනැගිලි මංකොල්ලකෑම් ඉහවහා ගොස් ඇති බවයි.
පසුගිය වසරේ ජූනි මාසයේදී ඉස්ලාමීය රාජ්ය සටන්කාමීන් විසින් ටිකර්ට් නගරයේ බලය අල්ලා ගත් අතර, එය ඔවුන් මූලෝපාය වශයෙන් ලැබූ සුවිශේෂී ජයග්රහණයක් විය.