ට්රාන්ස් ඒෂියා ගුවන් සේවයේ යානයක් තායිවාන ගංගාවකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිත 19ක් මේ වනවිට අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ට්රාන්ස් ඒෂියා ගුවන් සේවයට අයත් යානය ගංගාවට කඩා වැටෙන දසුන් එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කළ මෝටර් රථවල වූ කැමරාවන්හි පටිගත වී ඇති අතර, එය තායිපේ ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී සුළු වේලාවකට පසු මෙසේ අනතුරට පත්ව තිබේ.
එම අවස්ථාවේදී යානයේ පුද්ගලයන් 58 දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරත් සමග යානය කීලන්ග් ගංගාවේ ගිලී තිබේ.
පසුගිය වසරේ ජූලි මාසයේදීද ට්රාන්ස් ඒෂියා ගුවන් සේවයට අයත් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.