ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන ඓතිහාසික හමුව සඳහා සහභාගී වීමට පැමිණෙන උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අද (10දා) සිංගප්පූරුව වෙත මුලින්ම ළඟ වී තිබේ.
ජුනි 12දා මෙම හමුව සෙන්තෝසා දූපතේ පිහිටි කැපෙල්ලා හෝලයේදී පැවැත්වීමට නියමිත අතර, මෙය උතුරු කොරියානු නායකයෙකු බලයේ සිටින ඇමෙරිකානු ජනපතිවරයෙකු මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වන ප්‍රථම අවස්ථාව වීමද විශේෂත්වයකි.
උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික වැඩපිළිවෙළින් ඉවත්වීම මල්ඵල ගැන්වෙන හා කලාපයේ සාමය ස්ථාපිත කිරීම වඩාත් සාර්ථක කරන හමුවක් ලෙස ඇමෙරිකාව මෙම හමුව හඳුන්වයි.
එමෙන්ම, රාජ්‍ය නායක දෙපළ එකිනෙකා හමුවීමට පෙර ඔවුන් සිංගප්පූරු අගමැති ලී සියෑන් ලූන්ග් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
කිම් ජොන්ග්-උන් බලයට පත්වීමෙන් පසුව විදේශ රටක සිදුකරන තෙවැනි සංචාරය මෙය වන අතර, ඔහු මෑතකදී දෙවරක් චීනය වෙත සංචාරය කළේය.