තේරීපත් අභිනව ඇමෙරිකානු තානාපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ජේම්ස් මැට්ටිස් නම් කර තිබේ.
ඔහියෝ හිදී පැවති ජන හමුවක් අමතමින් ට්රම්ප් පවසා සිටියේ ඔහු මේ තනතුර සඳහා දැනට සිටින හොඳම පුද්ගලයා බවයි.
ජෙනරාල් මැට්ටිස් වඩාත් ප්රකටව සිටින්නේ 'මෑඩ් ඩෝග්' යන අන්වර්ථ නාමයෙනි. ඔහු ඔබාමා පාලනය මෙන්ම, ඉරානය සම්බන්ධයෙන් පවතින ප්රතිපත්ති දැඩිව විවේචනය කළ පුද්ගලයෙකුද වෙයි.
යූ.එස්.ඒ. තෑන්ග් යූ ටුවර් 2016 ලෙසින් සිය මැතිවරණ ජයග්රහණයෙන් පසුව පාක්ෂිකයන් හමුවේ පවත්වන ජනරැලි ආරම්භ කරමින් ඔහියෝ හිදී ට්රම්ප් මෙම නිවේදනය සිදුකළේය.
දෙවැනි ලෝක යුද්ධයේ නමගිය ඇමෙරිකානු අණිදෙන නිලධාරියෙකු වූ ජෙනරාල් ජෝර්ජ් පැට්න් සමග සම කළ හැකි වඩාත් සුදුසුම පුද්ගයා මැට්ටිස් බවද ට්රම්ප් පවසා සිටියේය.