තමා කණ්ඩායමේ සාමාජිකයන් හා රුසියාව අතර සම්බන්ධතා පවතින බවට පැතිර යන කතා සම්බන්ධයෙන් එරට බුද්ධි අංශ සහ මාධ්‍ය වෙත ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කස පහර ගැසීම අරඹා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය සහ එෆ්.බී.අයි. ආයතනය නීතිවිරෝධී ආකාරයෙන් තොරතුරු පිටතට ලබාදීමක් සිදුකර ඇති බවයි.
විශේෂයෙන්ම මුල සිටම ට්‍රම්ප්ට එරෙහි මාධ්‍ය ප්රතිපත්තියක සිටි ප්‍රධාන දහරාවේ මාධ්‍ය වෙත මෙම පුවත අඬන්න සිටි දරුවාට ඇඟිල්ලෙන් ඇනීමක් මෙන් වූ අතර, ට්‍රම්ප්ගේ සමීපතමයන් මැතිවරණ සමයේ සිට රුසියාව සමග සමීප සබඳතා පැවැත්වූ බවට ඔවුහු වාර්තා පිට වාර්තා පළ කරන්නට වූහ.
විශේෂයෙන්ම ට්‍රම්ප් බලයට පත්වීමට පෙරදී බුද්ධි අංශ පවසා සිටියේ රුසියාව විසින් ට්‍රම්ප් බලයට පත්කිරීම සඳහා යම් බලපෑමක් කළ බවය. කෙසේ වෙතත්, මෙය මොස්කව් පාලනය තරයේ ප්‍රතික්ෂේප කළේ, පදනම් විරහිත චෝදනාවක් බව කියමිනි.
එමෙන්ම, ට්‍රම්ප්ගේ සමීපතමයන් රුසියාව සමග සමීප සබඳතා පැවැත්වූ බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන්ද කිසිදු පදනමක් නොමැති බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසීය.