ඇමෙරිකානු ජනාධිපතිවරණ සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වයට තරග වදින ඩොනල්ඩ් ට්රම්ප් ඊයේ (26දා) පැවති ඡන්දයෙන් ප්රාන්ත පහේම ජයග්රහණය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.
කනෙක්ටිකට්, ඩෙලවෙයර්, පෙනිසිල්වේනියා, මේරිලෑන්ඩ් සහ රෝහ්ඩ් අයිලන්ඩ් ප්රාන්ත ජයග්රහණය කරමින් ට්රම්ප් කියා සිටියේ තමන් මෙවර ජනාධිපතිවරණයේ අනුමාන කළ හැකි ජයග්රාහිකයා බවය.
මෙම ජයග්රහණය එළැඹෙන ජූලි මාසයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනයේදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා තවදුරටත් සමීප කරනු ඇත.
මේ අතර, ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක හිලරි ක්ලින්ටන්ද ඡන්ද පැවති ප්රාන්ත පහෙන් ප්රාන්ත හතරක ජයග්රහණය දිනාගැනීමට සමත්ව තිබේ.