ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීම අද (20දා) ග්‍රිනීච් වේලාවෙන් ප.ව.5.00 ට පෙර සිදුවීමට නියමිතය.
දේපොළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ධන කුවේරයෙකු ලෙස ජනාධිපතිවරණ තරග බිමට පිවිසි ට්‍රම්ප්, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ජයග්රහනයක් සමග පසුගිය නොවැම්බර් මස පැවති මැතිවරණයෙන් මීළඟ ජනාධිපතිවරයා බවට පත්විය.
වොෂිංටනයේ, කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවය නැරඹීම සඳහා දහස් ගණන් ට්‍රම්ප් ආධාරකරුවන් පැමිණි ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, මෙම මැතිවරණ ව්‍යාපාරය පුරාම ඩිමොක්රටික් පක්ෂයේ කුහක ප්‍රතිපදාව හමුවේ බැටකෑමට ට්‍රම්ප්ට සිදුවූ අතර, ඔහුගේ දිවුරුම්දීමේ අවස්ථාව වෙනුවෙන්ද විරෝධතාකරුවන් පිරිසක් එවීමට තරම් ඩිමොක්රටික් පක්ෂය බංකොලොත් වී ඇති බව ඇතැම් ස්වාධීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දහස් ගණන් පොලිස් බලඇණියක් යොදා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
මේ අතර, ඩිමොක්රටික් හිතවාදී සී.එන්.එන්. ආදී පුවත් නාලිකා විසින් ට්‍රම්ප්ගේ හදිසි අභාවයක් පිළිබඳ සිහින මැවීමක් මෙන්ම, ඒ තුළින් ඔබාමා හිතවාදියෙකු බලයට පැමිණවීමේ තරම් පහත් මානසික තත්ත්වයකින් සිය මාධ්‍ය හසුරුවන ආකාරය පිළිබඳවද බොහෝ ස්වාධීන මාධ්‍යවල දෝෂ දර්ශනයට ලක්ව තිබුණි.
දිවුරුම්දීමේ උත්සවයට පෙර බ්‍රහස්පතින්දා රාත්රියේදී සිය ආධාරකරුන් අමතමින් ට්‍රම්ප් පවසා සිටියේ ඇමෙරිකාව යළිත් එක්ව කටයුතු කරමින්, අවශ්‍ය වෙනස්කම් සමගින් යළිත් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්වීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.
ඇමෙරිකාවේ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී දිවුරුම් දීමෙන් අනතුරුව, ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස සිය ප්‍රථම කතාවද සිදුකිරීමට නියමිතය.
මෙම උත්සවයට හිටපු ජනාධිපතිවරු සහ ජනාධිපති ආර්යාවන් සහභාගි වීමට නියමිත අතර, එහිදී, මෙවර මැතිවරණයේදී ට්‍රම්ප් සමග තරගයේ යෙදුණු හිලරි සහ ඇගේ ස්වාමියා වූ ක්ලින්ටන් ජනාධිපතිවරයාද වෙයි.
කෙසේ වෙතත්, අසනීප තත්ත්වයෙන් පසුවන 92 හැවිරිදි ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවට ඔහු හා හිටපු ආර්යාව එක් නොවනු ඇත.
එමෙන්ම, ඇමෙරිකානු කොංග්‍රසයේ සියලු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්වනු ඇත. කෙසේ වෙතත් ඩිමොක්රටික් සාමාජිකයන් 50ක් පමණ මෙම උත්සවය වර්ජනය කරනු ඇති බවද පවසා තිබුණි.