ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර හමුවේ මුල්ම මඟුල් කපුකම සිදුකළේ යැයි සැලකෙන විශ්‍රාමික ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මන් එම අවස්ථාව සියැසින් දකිමින් කඳුළු සලන්නට විය.
මෙම මඟුල් කපුකම සිදුකර ඇත්තේ ඩෙනිස් රොඩ්මන් විය හැකි බවට නිව්යෝක් පෝස්ට් විසින් පසුගියදා හෙළිදරව්වක් කළ අතර, අද (12දා) සිංගප්පූරුවේදී මෙම හමුව සිදුවන විට රොඩ්මන් සී.එන්.එන්. පුවත් සේවය සමග සජීව සංවාදයකට එක්ව සිටියේ 'මේක් ඇමෙරිකා ග්‍රේට් අගෙයින්' දැක්වෙන කැප් එකක්ද පළඳිමිනි. එහිදී, ඔහු මෙම හමුව පැවැත්වෙන සිංගප්පූරුව වෙත පැමිණ තිබුණු අතර, සිංගප්පූරුවේදී කලින්ම උතුරු කොරියානු නායකයා හමුවීමේ භාග්‍ය ලද ඇමෙරිකානුවා බවටද ඔහු පත්විය.
සිංගප්පූරුවේදී මෙම හමුව සංවිධානය වීම වෙනුවෙන් තමා සිදුකළ කාර්යභාරය ගැන ජනපති ට්‍රම්ප් උදක්ම සතුටුවනු ඇති බව පවසා සිටි රොඩ්මන් පවසා සිටියේය.
එමෙන්ම, උතුරු කොරියාවේ සංචාරය සංචාරය කිරීම සඳහා තමාව තෝරාගත් විට එය තමන්ට මහත් ගෞරවයක් ඇති කළ අවස්ථාවක් වූ බවද ඔහු සිහිපත් කළේය. එනම්, උතුරු කොරියානු නායකයා ඇමෙරිකාව වෙත නැඹුරු කරගැනීමට රොඩ්මන් තුරුම්පුවක් ලෙස භාවිත කර ඇති බව පැහැදිලිය.
මුලින්ම උතුරු කොරියාවට ගිය අවස්ථාවේදී මේ සමස්ත සිදුවීම සම්බන්ධයෙන් තමන්ට වැටහීමක් නොවූ බව පැවසූ රොඩ්මන් මුලින්ම කිම් ජොන්ග්-උන් හමුවූ අවස්ථාවේදී කුමක් බලාපොරොත්තු විය යුතුද යන්න ගැන අදහසක් නොවූ බවද කීවේය. කෙසේ වෙතත්, එම සංස්කෘතිය තමන්ට දැනෙන විට එය තම නිවස මෙන් හැඟීමක් දැනුණු බවද ඔහු සඳහන් කළේය.
සී.එන්.එන්. පුවත් සේවය සමග පැවැත්වූ මෙම සාකච්ඡාවේදී හිටපු ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා පාලනය විවේචනයටද ඔහු අමතක නොකළේ, මෙම අවස්ථාව ඔහු තමන්ට ලබා නොදුන් බව පවසමිනි.
පස් වතාවක් උතුරු කොරියාවේ සංචාරය කර තිබූ රොඩ්මන් එම කාලය තුළ කිම් ජොන්ග්-උන් මෙන්ම උතුරු කොරියානුවන් අතර ඇමෙරිකාව පිළිබඳ යම් මැදහත් අදහසක් ඇති කිරීමට කටයුතු කර තිබූ බව නොරහසකි.