ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර හෙට (12දා) ආරම්භ වන ඒ ඓතිහාසික හමුව ආවරණය කිරීම සඳහා සිංගප්පූරුව නම් කුඩා දිවයිනට මාධ්‍යවේදීන් 3,000කට වැඩි පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම මෙම සමුළුව ආරම්භයට සතියකට පමණ පෙර සිටම බොහෝ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සිංගප්පූරුවේ තරු හෝටල්, ගුවන් තොටුපොළ, රජයේ ගොඩනැගිලි අසල සිය උකුසු ඇස යොමා සිටියේ මෙම සමුළුවේ සූදානමට පැමිණෙන දෙරටේ රාජ්‍ය නිලධාරීන්ගේ අල්ප මාත්‍ර වූ දසුනක් හෝ සොයා ගැනීමටය.
එමෙන්ම, පසුගියදා සිංගප්පූරුවේ උතුරු කොරියානු තානාපතිවරයාගේ නිල නිවසට අනවසරයෙන් ඇතුළු වීමට ගිය දකුණු කොරියානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද සිංගප්පූරු ආරක්ෂක අංශ කටයුතු කළේය.
විශේෂයෙන්ම රට තුළ නීතිය හා විනය පිළිබඳ දැඩි පිළිවෙතක් අනුගමනය කරන සිංගප්පූරුවට මෙම අත්දැකීම තරමක් නුහුරු අත්දැකීමක් වන අතර, මේ වනවිට සමුළුවේ ආරක්ෂාවට දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද ඔවුන්ට සිදුව ඇත.