ජර්මනියේ ට්‍රක් රථ ප්‍රහාරය එල්ල කළ ටියුනීසියානු ජාතික අනීස් අමීර්ගේ පවුලේ ඥාතීන් විසින් ඔහුට යටත් වන ලෙස බලවත් ආයාචනයන් සිදුකර තිබේ.
ජර්මනියේ, නත්තල් වෙළෙඳ පොළක් ඉල්කක කරමින් පසුගිය සඳුදා රාත්‍රිෙය් ටොන් 25ක් බර පැහැරගත් ට්‍රක් රථයක් පදවාගෙන පැමිණි මෙම ටියුනීසියානු ජාතිකයා එම රථයට යට කරමින් මිනිස් ජීවිත 12ක් බිලිගනිද්දී, තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සිදුකළ අනීස්ගේ සොහොයුරු අබ්දෙල්කාදර් අමීර් පවසන්නේ තම සහෝදරයා අහිංසකයෙකු බව තමාට විශ්වාස බවයි. නමුත්, යම් ලෙසකින් ඔහු මෙවැනි දෙයක් කළා නම් ඔහු සිය පවුලේම මුහුණේ දැලි ගෑ පුද්ගලයෙකු බවට පත්වන බවද ඔහු පවසා තිබේ.
මේ අතර, ජර්මානු බලධාරීන් පවසන්නේ අනීස්ගේ ඇඟිලි සලකුණුවලට සමාන ඇඟිලි සලකුණු ලොරිය තුළදී හමුවූ බවයි.
මේ අතර, මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපෑ නත්තල් වෙළෙඳ පොළ බ්‍රහස්පතින්දා දිනයේදී යළි විවෘත කර තිබූ අතර, එහි ආරක්ෂාව තරකිරීම සඳහා කොන්ක්‍රීට් මාර්ග බාධක යොදන ආකාරයද දැකගත හැකිවිය.
ටියුනීසියාවේ සිය නිවසේ සිට මාධ්‍යයට අදහස් දක්වමින් ඔහුගේ සහෝදරයා සිය පවුලේ පිරිස් ඉදිරිපට සිට කියා සිටියේ තම මළනුවන් තමාගේ වචනය අසන්නේ නම් වහාම යටත් වන ලෙසයි. එය තම පවුල වෙනුවෙන් ඔහු වහා සිදුකළ යුතු බවත් සහෝදරයා කියයි.