ඇමෙරිකාවේ ටයිම්ස් චතුරස්රයේ හැසිරෙන උඩුකය නිරුවත් යුවතියන් හේතුවෙන් නිව්යෝක් නගරයේ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබේ.
බොහෝ විට ලතින් ඇමෙරිකානු සම්භවයක් සහිත තරුණියන් තම නිරුවත් උඩුකයෙහි විවිධ වර්ණ ආලේප කරගෙන ටයිම්ස් චතුරස්රයේ යන එන අය සමග ඡායාරූපවලට පෙනී සිටිමින් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ලෙස මෙය ප්‍රකට වී තිබේ.
මොවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට බොහෝ පිරිස් කැමැත්තක් දැක්වූවත්, විශේෂයෙන්ම කුඩා දරුවන් සමග පැමිණෙන වැඩිහිටියන් මෙම ක්‍රියාව පිළිබඳ චෝදනා කර ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත්, එරට පුවත්පත්වල මෙම පුවත ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන විට නිව්යෝක් නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ පවසා ඇත්තේ මෙම ක්‍රියාව වෙනස් කිරීමට ඔවුන් ඉක්මණින්ම කටයුතු කරන බවයි.