ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස තේරීපත් ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කරමින්, මෙවර සඟරාවේ කවරය ඔහුගේ ඡායාරූපයකින් සරසා තිබේ.
ඇමෙරිකානු මැතිවරණය ජයග්‍රහණය කරමින් සමස්ත ලෝකයේම අවධානය දිනාගැනීමට සමත් වූ ව්‍යාපාරිකයෙකු හා දේශපාලඥයෙකු වන ට්‍රම්ප් මෙවර කවරය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා බව ඔවුන් අනාවරණය කරයි.
කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය යෙදීමේදී ඔහුගේ හිසට ඉහළින් ටයිම් යන වචනයේ M අක්ෂරය දැක්වීම නිසා එය ට්‍රම්ප්ට අං තැබීමක් හිතාමතා සිදුකළ අවස්ථාවකට බවට සමාජජාලවල සඳහන් වී තිබේ.
එමෙන්ම, ඇතැම් පිරිස් විසින් ට්‍රම්ප් සාතන් ලෙස ප්‍රකට කිරීමක්ද මෙම කවරය හරහා සිදුකර ඇති බවටද චෝදනා නැගෙයි.
කෙසේ වෙතත්, මේ අවස්ථාව උදාවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රම්ප් පවසා තිබුණේ, ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස එහි කවරයේ පළවීමට අවස්ථාව හිමිවීම අතිවිශාල ගෞරවයක් බවයි. මේ අතර, එම කවරයේ බෙදුණු ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් නම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, ඒ තුළින් ඔවුන් සියුම් විවේචනයක් සිදුකිරීමට උත්සාහ කර ඇති බවයි. නමුත්, තමන් කිසිවිටෙකත් ඇමෙරිකාව බෙදීමකට ලක් නොකළ බව ට්‍රම්ප් පවසා තිබේ.
1989 වසරේදී ප්‍රථම වරට ටයිම් සඟරාවේ කවරයක පෙනී සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දක්වා අවස්ථා 10කදී එහි පෙනී සිටි අතර, පසුගිය වසරේදී එහි කවරය සරසනු ලැබුවේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කල් විසිනි. නමුත්, එවරද තරගයක් දෙමින් ට්‍රම්ප් දෙවැනි තැනට පැමිණ තිබුණි.
මේ අතර, සමාජජාල තුළ සිදුවන විවේචන සාධාරණ නොවන බවද පවසන ඇතැම් අය පෙන්වා දෙන්නේ, මේ ආකාරයට කවරය සැරසූ පුද්ගලයන්ගේ හිසට ඉහළින් M අක්ෂරය දක්වා, ඔවුන් අං පැළඳූ ආකාරයෙන් දිස්වූ ප්‍රථම කවරය මෙය නොවන බවයි.