ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ අත්අඩංගුවට පත් ජෝර්දාන ගුවන් නියමු ලුතිනන් මොආස් අල් කසාබේ පණ පිටින් පුළුස්සා දැමීමත් සමග, ජෝර්දානය විසින් තම අත්අඩංගුවේ සිටින ජිහාඩ් සටන්කරුවන් දෙදෙනෙකු එල්ලා මරා තිබේ.
මෙසේ එල්ලා මරා දැමුණු අය අතර, ජිහාඩ් කාන්තාවක වන සජීඩා අල් රිෂ්වායිද වන අතර, සෙසු තැනැත්තා සියාද් කර්බෝලි නැමැත්තාය. ඔවුන් දෙදෙනාම ඉරාක ජාතිකයන් වෙයි.
සිය ගුවන් නියමුවා අඟුලු දැමූ යකඩ කූඩුවක දමා ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමත් සමග එරට ජනතාව මෙම ජිහාඩ් සටන්කාමීන් වහාම ඝාතනය කරන ලෙස රජයට බල කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී ලුතිනන් මොආස් අල් කසාබේ පියාසර කළ ගුවන් යානය සිරියාවේදී අනතුරට පත් වීමත් සමග ඔහු ඉස්ලාමීය අන්තවාදීන් විසින් අල්ලාගනු ලැබීය.
ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ රාජ්‍යයන් සිදුකරන ගුවන් ප්රහාරයන් අතරුතුර මෙම අනතුර සිදුවිය.
මොහු පණ පිටින් පුළුස්සා දැමීම ලෝක නායකයන් විසින් දැඩි විවේචනයට ලක්කර ඇති අතර, එය ඔවුන්ගේ බියගුළු බව ලෝකයට ප්‍රකට කිරීමක් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.