පාකිස්තානයේ උසස් පාසලක ජීව විද්‍යා විභාගය අතරතුර විභාග පරීක්ෂකයෙකු විසින් විභාගයට පෙනී සිටි සිසුවියන් කිහිප දෙනෙකුගේම ශරීර අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් ඔවුන් අපයෝජනය කර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය වාර්තාවීමත් සමග පාකිස්තාන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සදාත් බෂීර් නම් වූ විභාග පරීක්ෂකවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹා ඇති බව එරට මාධ්‍ය පවසයි.
අපයෝජනයට පත් එක් සිසුවියක් පවසා ඇත්තේ අදාළ විභාග පරීක්ෂකවරයා තම පසුපස ප්‍රදේශ අතපත ගාන අතරතුර, තම පපු ප්‍රදේශයද ඇලලූ බවයි. මේ බව කිසිවෙකු හා පවසා සිටියොත් විභාගයේ ලකුණු අඩුකරන බවට ඔහු තර්ජනය කර ඇත.
මෙම සිසුවියන් ජීව විද්‍යා විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මුහුණදෙමින් සිටින අතරතුර අදාළ විභාග පරීක්ෂක ඔවුන්ව මෙසේ අපයෝජනයට ලක්කර ඇත.
බොහෝ සිසුවියන් මෙම විභාග පරීක්ෂකවරයා අතින් අපයෝජනයට ලක්ව තිබුණත්, තම විභාග ලකුණු අඩුවෙතැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් මුණිවත රැක ඇති බව මේ වනවිට හෙළි වෙමින් තිබේ.
සිද්ධියට සම්බන්ධ විභාග පරීක්ෂක බෂීර් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර, තමන් අදාළ සිසුවියන්ට අමතර ලකුණු ලබා නොදීම නිසා මෙවැනි පදනමක් නැති චෝදනා ඉදිරිපත් කර ඇති බව ඔහු පවසා සිටියි.