උතුරුදිග ඇෆ්ගනිස්තානයේ, සාර්-ඒ පෝල් පළාත වෙත තලේබාන් සහ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රාණ ඇපයට ගත් සිවිල් වැසියන් 235දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය සතිය අවසානයේදී මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වාර්තා වූ අතර, එහිදී නිරායුද සාමාන්‍ය වැසියන් සමූල ඝාතනය කිරීමට ත්රස්තයන් කටයුතු කර තිබුණි.
විශේෂයෙන්ම, ප්‍රහාරයෙන් මියගිය 50කට අධික සිවිල් වැසියන් අතර, කාන්තාවන් සහ කුඩා දරුවන් රැසක්ද වූ බව සඳහන් විණි.
මේ අතර, සාර්-ඒ පෝල් පළාතේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ, ජිහාඩ් අන්තවාදීන්ගේ ප්‍රාණ ඇපයෙන් පිරිසක් මුදාගනු ලැබූවත්, තවත් සාමාන්‍ය වැසියන් පිරිසක් ත්‍රස්ත ග්‍රහණයේ සිටින බව වාර්තා වන බවයි.
ඇෆ්ගන් පොලීසිය විසින් ආරක්ෂාව සැපයූ පොලිස් මුරපොලක් වෙත පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ ප්‍රහාරයකින් මෙය ඇරඹි අතර, ඉන් දින දෙකකට පසුව මෙම ගම්මානය වෙත ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කළේය.
විශේෂයෙන්ම, ෂියා මුස්ලිම්වරුන් ජීවත්වන මෙම ගම්මානයේ සිදුවූ මනුෂ්‍ය සංහාරය අතිශය කෘර ස්වරූපයක් ඉසිලූ බවද පළාත් ප්‍රකාශකයෝ සඳහන් කරති.