නැගෙනහිර ජර්මනියේ, සංක්රමණිකයන් රැඳවීම සඳහා සැලසුම් කර තිබූ ගොඩනැගිල්ලක පැතිර ගිය ගින්න දුටු ඇතැම් ජර්මානු ජාතිකයන් ඔල්වරසන් දී ඇති බව විදෙස් වාර්තා පවසයි.
බවුට්සන් නගරයේ වූ මෙම ගොඩනැගිල්ලේ ඉරිදා අලුයම් කාලයේදී ගින්න හටගෙන ඇති අතර, එම ගින්නෙන් පැරණි හෝටලයක් වූ එම ගොඩනැගිල්ලේ වහළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
පොලීසිය පවසන්නේ මෙම ගින්න මැඩපැවැත්වීමට පැමිණි ගිනි නිවන හමුදාවට ඇතැම් ජර්මානුවන් බාධා කර ඇති බවයි.
කෙසේ වෙතත්, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, මෙය සංක්රමණිකයන්ට එරෙහි අන්තවාදීන්ගේ ක්රියාවක් විය හැකි බවටද පොලීසිය සැක පහළ කරයි.