(UPDATE) ජර්මනියේ, බොරුසියා ඩොර්ට්මන්ඩ් පාපන්දු කණ්ඩායම ගමන්ගත් බස් රථයකට ඊයේ (11දා) එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අන්තවාදී ඉස්ලාමීය සබඳතා ඇති අයෙකු සැකපිට අත්අඩංගුවට පත්ව තිබේ.
ජර්මනියේ, බොරුසියා ඩොර්ට්මන්ඩ් පාපන්දු කණ්ඩායම ගමන්ගත් බස් රථයකට ඊයේ (11දා) එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ඉස්ලාම් ත්රස්තයන්ගේ සබඳතාවක් ඇති බව ජර්මානු පොලීසිය විශ්වාස කරයි.
මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයට යාබද නගරයක තිබී හමුවූ ලිපියකින් මෙම සැකය ඉපදී ඇතත්, මෙම ලිපියේ අනන්‍යතාව මෙතෙක් හෙළි කරගෙන නොමැති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ජර්මිනියේ ෆෙඩරල් අධිචෝදකයන් විසින් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව දැනටමත් අවධාරණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බවද පවසා තිබේ.
ජර්මනු පුවත්පතකට අනුව අදාළ ලිපිය ආරම්භ වී ඇත්තේ, දෙවියන්ගේ නාමයෙන්... යනුවෙනි. එමෙන්ම, අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව ජර්මානු ටෝර්නාඩෝ ප්‍රහාරක යානා යොදාගන්නා බවත් එහි දක්වා ඇති බව කියැවෙයි.
බස් රථය ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර තුනක් එල්ල වී ඇති අතර, මින් එක් ක්‍රීඩකයෙකු පමණක් තුවාල ලබා ඇති බව අනාවරණය වෙයි.
කෙසේ වෙතත්, මීට පෙර ජර්මනියේ නත්තල් වෙළෙඳ සැණකෙළියක් ඉලක්ක කරමින් එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරයේ වගකීම අයි.එස්. ඉසාල්ම රාජ්‍ය ත්රස්තයන් විසින් භාරගනු ලැබීය.