ජර්මනියේ න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාත්මක පරිගණක පද්ධතියක් තුළට වෛරසයක් ඇතුළු වී ඇති බව එරට මාධ්‍ය පවසයි.
න්‍යෂ්ටික ඉන්ධන ක්‍රියාත්මක කෙරෙන පරිගණක පද්ධතිය සඳහා යොදා ගැනෙන කාර්යාල පරිගණක පද්ධතියට මෙම වෛරසය ඇතුළු වී තිබේ.
කෙසේ වෙතත්, මෙම වෛරසය ඇතුළු වීම එම න්‍යෂ්ටික බලාගාරයට කිසිදු අනතුරක් නොමැති බවත්, එහි ප්‍රධාන පාලක පද්ධතිය සම්බන්ධ පරිගණකවලට මෙම වෛරසයෙන් හානියක් සිදුව නොමැති බවත් බලධාරීහු පවසති.
මේ අතර, ජර්මනියේ ෆෙඩරල් සයිබර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.