ජර්මනියේ, බාවාරියා හිදී මගී දුම්රිය දෙකක් එකට ගැටීමෙන් සිදුවූ මාරාන්ති අනතුර දුම්රිය පාලකයෙකු අතින් සිදුවූ අත්වැරැද්දක ප්‍රතිඵලයක් බව අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
එහිදී, මෙම දුම්රිය දෙකම එකම දුම්රිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවලින් පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් පැමිණ මුහුණට මුහුණ හැපී තිබුණි.
අදාළ ප්‍රදේශය භාර 39 හැවිරිදි දුම්රිය පාලක අතින් සිදුවූ මෙම අත්වැරැද්ද හේතුවෙන්, ඔහුට නිරුත්සාහක මනුෂ්‍ය ඝාතන තැත යටතේ වසර පහක සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති බව කියැවෙයි.