ජර්මනියේ සරණාගතභාවය පතා පැමිණි පිරිස මේ වසරේදී ලක්ෂ හතහමාරක් පමණ වනු ඇති බව ඔවුන් ගණන් බලා තිබේ.
බර්ලීනය මීට පෙර පවසා තිබුණේ 2015 දී සරණාගතභාවය පතා පැමිණෙන පිරිස ලක්ෂ හතරහමාරක් වනු ඇති බවය. නමුත්, එම අගය තවදුරටත් ඉහළ දමමින් 2015 දී ජර්මනියට පැමිණෙන සරණාගතයන් ලක්ෂ හයහමාර ඉක්මවනු ඇති බව ඔවුන් පැවසීය. නමුත්, මේ වනවිට එය ලක්ෂ හතහමාර දක්වා පුරෝකථනය වී තිබේ.
සිරියාව හා බෝල්කන් රාජ්‍යයන්ගෙන් විශාල සරණාගතයන් පිරිසක් ජර්මනිය වෙත පැමිණෙමින් සිටින බව කියැවෙයි.