අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට ගෞරවයක් වශයෙන් ඇගේ අනුගාමිකයන් රැසක් හිස මුඩු කිරීම අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අඟහරුවාදා සවස චෙන්නායි නුවර පැවති මහ ඇමතිනියගේ අවමංගල්‍ය උත්සවයට දස දහස් ගණනක් ජනතාව සහභාගී වූහ.
68 හැවිරිදි වියෙහි පසුවූ හිටපු චිත්‍රපට නිළියක වූ ජයලලිතාගේ දේහය මරීනා වෙරළ ආසන්නයේ, ඇගේ චිත්‍රපට හා දේශපාලන ගමන්මගේ පුරෝගාමී චරිතය වූ එම්.ජී.ආර්. ගේ සොහොන ආසන්නයෙන්ම භූමදානය කෙරිණි.
මේ ආකාරයෙන් හිස මුඩු කිරීම හින්දු භක්තිකයන් තම සමීපතම ඥාතියෙකු මියගිය විට ශෝකය පළ කිරීම සඳහා සිදුකරන චාරිත්රයකි.
ඒ අනුව, ඇගේ අනුගාමිකයන් විශාල පිරිසක්ද අගේ සොහොන ආසන්නයේදී මේ ආකාරයෙන් හිස මඩු කිරීමකට එක්ව සිටි බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.