ජපානයේ නායයෑමකින් ජීවිත හානි රැසක් - මාසයක වැසි දිනකින් ලැබිලා
- 20 08 2014
- 15:43
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
ජපානයේ, හිරෝෂීමා ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයන් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා පවසයි.
හිරෝෂීමා නගරයට ආසන්න කඳුකරයක් ආශ්‍රිතව ජනාකීර්ණ පෙදෙසක මෙම නායයෑම සිදුව ඇති බවද බලධාරීන් පෙන්වා දෙයි.
ජපාන කාලගුණ අංශ පෙන්වාදෙන පරිදි බදාදා දිනය උදාවන විට සාමාන්‍යයෙන් මාසයක පමණ කාලයකදී ලැබෙන වැසි පැය 24ක් තුළ ලැබුණු බව කියැවෙයි.
ජපානයෙන් ලැබෙන වාර්තාවන්ට අනුව මඩ සහ ගල් පර්වත පහළට රූටා පැමිණීමෙන් බොහෝ නිවාස ඒවායේ ගිලී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මේ වනවිටත් මුදාගැනීමේ කණ්ඩායම් ඒ වෙත ගොස් සිටින අතර, මේ වනවිට පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව අනාවරණය වුවද, තවත් 10 දෙනෙකු පමණ අතුරුදන් බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

