ජපානයේ අධිවේගී දුම්රියක් තුළ පිහි ඇනුමක් සිදුකර එක් පුද්ගලයෙකු ඝාතනය වී තවත් දෙදෙනෙකුට තුවාල සිදුවීමේ පුවතක් වාර්තා වෙයි.
මෙම ප්රහාරය ත්රස්ත ප්රහාරයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොතිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂන සිදුවෙයි.
ඊයේ (09දා) ජපානයේ වේලාවෙන් රාත්රී 10.00ට පමණ ටෝකියෝ සිට ඔසාකා දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රිය තුළ මෙම ම්ලේච්ඡ ප්රහාරය එල්ල වී තිබුණි.
දුම්රිය ඔඩාවාරා දුම්රිය ස්ථානයේ නැවැත්වීමත් සමග පොලීසිය කඩිනමින් ඒ වෙත ඇතුළු වී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම අවස්ථාවේදී දුම්රියේ මගීන් 800ක් පමණ ගමන් කරමින් සිට ඇති අතර, ප්රහාරකයා එහි සිටි පුද්ගලයන් තෝරාබේරා ගනිමින් මෙම ප්රහාරය සිදුකර ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මියගිය පුද්ගලයා බෙල්ලේ කැපුම් තුවාල සහිතව රෝහලට රැගෙන යද්දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සෙසු තුවාලකරුවන් දෙදෙනා කාන්තාවන් බව කියයි.
සැකකරු වයස අවුරුදු 22ක ඉචිරෝ කොජිමා ලෙස හඳුනාගෙන ඇති අතර, ප්රහාරය සිදුවන අවස්ථාවේදී බොහෝදෙනෙකු බියෙන් තැතිගෙන කෑමොර දී ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෝ වැඩිදුරටත් පවසති.
ජපානය තුළ මෙවැනි අපරාධ අතිශය විරල වන අතර, 2015 දී අධිවේගී දුම්රියක් තුළ පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන මියයෑමේ සිද්ධියක් මීට පෙර වාර්තා විය.