ජපානය හා දකුණු කොරියාව දෙවැනි ලෝක යුද්ධය අවසන් වී 70 වැනි වසර සැමරුම පවත්වා තිබේ.
දකුණු කොරියානු ජනාධිපතිනී පාර්ක් ගුඑන් ගෙන්-හයි අද පැවති මෙම උත්සවයට සහභාගි වෙමින් තම රට නිදහස ලබාගත් අකාරය පැහැදිලි කර දී තිබේ.
එමෙන්ම, ජපානයද අගමැති ෂින්සේ අබේ සහ ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යාගේ මූලිකත්වයෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් සහිත වෙනමම උත්සවයකට සැරසෙයි.
යුද සමයේදී දකුණු කොරියාව මෙන්ම චීනයද ජපානයේ දැඩි පීඩනයට නතු ව සිටි රාජයයන් වෙයි. කෙසේ වෙතත්, අගමැති ෂින්සෝ අබේ සිය කතාවේදී යුද්ධය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සමාව ගැනීමක් සඳහා සූදානම් නොවෙයි.