ජපානය තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබාදෙමින් එරට තුළ කැසිනෝ නීතිගත කිරීමක් සිදුව තිබේ.
දීර්ඝ කාලයක් පුරා ඇදෙමින් පැවති මෙම තීරණයට එරට පාර්ලිමේන්තුව කැමැත්ත පළ කිරීමත් සමග හෝටල් සහ වෙළෙඳ මධ්‍යස්ථානවලින් පිරි කැසිනෝ රිසෝට් ව්‍යාපෘති රැසක් එරට තුළ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර කැසිනෝ ව්‍යාපාරයේ ප්රමුඛ නාමයන් වන වෙයින් රිසෝට්ස්, එම්.ජී.එම්. රිසෝට්ස් සහ සීසර්ස් ආදී ව්‍යාපාර මේ වනවිටත් ජපානය තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමේ කැමැත්තෙන් පසුවන බව පැවසෙයි.
විශේෂයෙන්ම මෙම කැසිනෝ ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර නව වෙළෙඳ පොළවල් වෙත ගෙනයෑමේ දැඩි උනන්දුවකින් පසුවන බවත්, එහිදී චීනයට සමීප රාජ්‍යයක් වෙත කැසිනෝ ව්‍යාපාරය ගෙනයෑම ඔවුන්ගේ විශේෂ කැමැත්ත බවත් සඳහන් වෙයි.
ජපාන පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලය මෙන්ම, එම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින්ද ඊට අදාළ පනත සම්මත කිරීමට සිය ඡන්දය පාවිච්චි කර තිබුණි. එමෙන්ම, එරට අග්‍රාමාත්‍යවරයාද මෙම තීරණය සඳහා අනුබලය ලබාදී ඇති අතර, එය ජපානයේ සංචාරක ව්‍යාපාරය හා ආර්ථික වර්ධනයට හේතුවක් වනු ඇති බව හෙතෙම විශ්වාසය පළ කර ඇත.