ජපානයේ පාසල් ශිෂ්‍යාවන්ගෙන් 13% ක්ම තරුණයන් සමග පිටතට යෑමට පුරුදුව සිටින බව පැවසීමෙන්, ඔවුන් ලිංගිකත්වයට යොමුවී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෙකු වක්‍රාකාරව පවසා ඇතැයි ජපානය චෝදනා කරයි.
ජපාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මවුඩ් ඩි බෝර් නමැත්තා දක්වා ඇති දත්ත වැරදි බවත්, එය ඔවුන්ට කර ඇති අවමානයක් බවත්ය.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරියා පවසන්නේ තමන් පසුගිය වසරේ ජපානයේ සංචාරය කළ අවස්ථාවේදී එරට පාසල් වයසේ දරුවන් තෑගිබෝග හා මුදල් වෙනුවෙන් තරුණයන් සමග පිටතට යන බව අනාවරණය වූ බව කියයි.
බොහෝ විට මෙය වක්‍රාකාරයෙන් පාසල් වයසේදීම මෙම දරුවන් ලිංගිකත්වයට හෝ ගණිකා වෘත්තියේ යෙදීමක් බවද ඔහු පවසයි.