ගෙවීගිය වසර පහක කාලය තුළ ජපානයේ ජනගහනය මිලියනයකින් පමණ අඩුවී ඇති බවත්, එය වර්ෂ 1920 දී පැවති ජන සංගණනයෙන් පසුව සිදුවූ ප්‍රථම පහළ යෑම බවත් වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී මිලියන 127.1ක ජනගහනයක් ජපානයෙන් වාර්තා වූ අතර, එය අවසන් වරට පැවති ජන සංගණනයට වඩා 0.7% ක ජනගහන පහළ යෑමක් ලෙස පෙන්වා දෙයි.
ජපානයේ උපත් අනුපාතිකය ශීඝ්‍රයෙන් පහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද කියැවෙයි.
මේ අතර, ජපානය තුළ වේගයෙන් ඉහළ යන වැඩිහිටි ජන අනුපාතය එරට ආර්ථිකය කෙරෙහිද අහිතකර බලපෑමක් ඇති කර ඇති අතර, සෞඛ්‍ය වියදම්ද වේගයෙන් වැඩි වී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, 2010 වසරේ පැවති ජන සංගණනයට වඩා මේ වනවිට ජපානයේ වෙසෙන ජනගහනය 947,000ක් අඩු බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.