ජපානයේ, නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැසිකිළිවල ස්මාට් ටොයිලට් පේපර්ස් යොදාගැනීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ස්මාට් ටොයිලට් පේපර්ස් ශරීර කෘත්‍යය සිදුකිරීමෙන් පසුව යොදාගන්නා ටොයිලට් පේපර්වලට වඩා ප්‍රමාණයෙන් කුඩා බවත්, ඒවා සාමාන්‍ය ටොයිලට් පේපර්ස්වලට ඔබ්බෙන් වෙනමම තැන්පත් කර ඇති බවත් කියැවෙයි.
මෙම විශේෂ ස්මාට් ටොයිලට් පේපර්ස් නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැසිකිළි භාවිත කරන අයට තම ජංගම දුරකථනයේ විෂබීජ ඉවත්කිරීම සඳහාම නිපදවූවක් බව කියැවෙයි.
ජපානයේ ජංගම දුරකථන සේවා සැපයුම් ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන එන්.ටී.ටී. ඩොකෝමෝ ආයතනය විසින් මෙම ස්මාට් ටොයිලට් පේපර්ස් යොදාගැනීම සිදුකර ඇති අතර, මෙම ටොයිලට් පේපර්ස්වල අදාළ සමාගමේ නොමිලේ වයිෆයි ජාල පවතින ස්ථාන පිළිබඳව මෙන්ම සංචාරක ඇප් වැඩසටහන් පිළිබඳ තොරතුරුද පවතින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.