තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් සුවිශේෂී ජයග්‍රහණක් අත්කර ගත් ජනාධිපති රිසේප් තයෙප් එර්ඩෝගාන්ට සිය ජනපති බලය ඉහළ නංවා ගැනීමේ වරමක්ද හිමිවී තිබේ.
මෙම ජනමත විචාරණයෙන් ලැබූ ජයග්‍රහණය සමග සිදුකරන ව්‍යවස්ථා සංශෝධනය හරහා පවතින පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට විධායක ජනපති ධුරය ආදේශ කිරීම තුළින් රට නවීකරණය කරවීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ.
පසුගියදා පැවති ජනමත විචාරණයේදී ප්‍රකාශිත ඡන්දවලින් 99%ක ගණන් කිරීම්වලදී 51.36%ක් 'ඔව්' යනුවෙන්ද, 48.64%ක 'නැහැ' යනුවෙන්ද ඡන්දය දී තිබූ අතර, ප්‍රතිඵලයට අනුව පැහැදිලි බහුතරයක් ජනාධිපතිවරයා නියෝජනය කළ 'ඔව්' වෙනුවෙන් හිමිව තිබුණි.
කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණයට අභියෝග කරන බව තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ දෙක දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, ඔවුන් තුර්කියේ ප්‍රධාන නගරවල එර්ඩෝගාන්ගේ ආධාරකරුවන් රැස්වන විට හැලි වළං එකට ගට්ඨනය කරමින් සාම්ප්‍රදායික විරෝධය පෑම සිදුකළ බවද විදෙස් වාර්තා පවසයි.