ඉන්දුනීසියාවේ, ජකාර්තා අගනුවර ආණ්ඩුකාරවරයා තෝරා පත්කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙකු වෙත 50% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවී නොමැති බව පෙනෙන්නට තිබේ.
නිල නොලත් ප්‍රතිඵලවලට අනුව ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි මුස්ලිම්වරුන්ගේ චෝදනාවට ලක්ව අධිකරණය හමුවට පවා ගිය කිතුණු ආණ්ඩුකාර බසූකි ජහාජා පූර්නමා හෙවත් අහොක් 43% ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ඉදිරියෙන් සිට ඇත. ඔහුගේ සමීපයට පැමිණ ඇත්තේ ඉස්ලාමීය කන්සවේටිව් පක්ෂයේ අනීස් රසීඩ් බස්වේඩන් ය. ඔහු 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇත.
තෙවැනි අපේක්ෂකයා වන අගුස් හරිමූර්ති යුධොයෝනෝ 17%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටින අතර, ඔහු ලබා සිටින ඡන්ද හේතුවෙන් කිසිවෙකුට 50% සීමාවට ළඟාවිය නොහැකි වන අතර, දෙවැනි වර ඡන්ද විමසීමකට යෑමට සිදුවනු ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙම මස අවසන් වනතුරු ලබාගැනීමට නොහැකි වනු ඇති අතර, දෙවැනි වර ඡන්ද විමසීම එළැඹෙන අප්‍රෙල් 19 වැනිදා පැවැත්වෙනු ඇත.