ඉන්දුනීසියාවේ ජකාර්තා කොටස් වෙළෙඳ පොළෙහි බිම් මහල සහ පළමු මහල අතර බැල්කනි කොටසක් හදිසියේ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් රැසක් තුවාල ලබා තිබේ.
මෙම බැල්කනියේ රැඳී සිටි පාසල් සිසුන් 30ක් පමණ එය කඩා වැටීමත් සමග පහත ලොබියට වැටී ඇත.
පොලීසියේ මැදිහත්වීමෙන් රැස්ව සිටි පිරිස් ඉවත්කර තුවාලකරුවන් වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව කොටස් වෙළෙඳ පොළ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරින් පුද්ගලයන් 72 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ජකාර්තාවේ රෝහල් තුනක ප්රතිකාර ලබන බව කියයි. කෙසේ වෙතත්, මින් කිසිවෙකුටත් බරපතළ තත්ත්වයක් ඇතිවී නොමැත.