ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට නව ආණ්ඩුකාරවරයෙකු පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම අද (15දා) පැවැත්විණි.
මෙය ඉන්දුනීසියාවේ තීරණාත්මක ඡන්ද විමසීමක් ලෙස ඉතිහාසයට එක්වන අතර, මිලියන 30ක ඡන්ද දායකයන් පිරිසක් මෙවර නව අණ්ඩුකාවරයා වෙනුවෙන් ඡන්දය භාවිත කරති.
චීන සම්භවයක් සහිත ක්‍රිස්තියානි ආණ්ඩුකාරවරයා ලෙස ධුරයේ රැඳී සිටි බසුකී ජහාජා පූර්නමා හෙවත් අහොක් යළිත් තරගයට පැමිණීමත්, ඔහු සමග මුස්ලිම් අපේක්ෂකයන් දෙදෙනෙකුද තරගයේ යෙදීමත්, වැඩිම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රාජ්‍යයේ මෙම මැතිවරණය තීරණාත්මක වී තිබේ.
ඒ අනුව, මෙම මැතිවරණය ඉන්දුනීසියාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳවද ඉඟි කරන මැතිවරණයක් විය හැකිය. 2019 වසරේදී ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම මැතිවරණ ප්‍රතිඵලය ලැබීම සඳහා සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති අතර, එහිදී, පැහැදිලි බහුතරයක් ලබාගැනීමට අපේක්ෂකයෙකුට නොහැකි වුවහොත්, අප්‍රේල් 19 වැනිදා දෙවැනි වටයේ ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇත.
අහොක් ඉස්ලාම් දහමට අපහාසයක් කළ බව පවසමින් මීට මාස කිහිපයකට පෙර ඔහුට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූ අතර, ඒ උණුසුම සමග ආගම ඉදිරියට දමමින් අහොක්ට එරෙහිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.