ඡන්දෙ ගන්න ගස් නගින ඇමතිවරු එහෙත් ඉන්නවාලු
ඡන්ද දායකයන්ගේ මනාපය දිනාගැනීම සඳහා නිලධාරීන් සමග සම්බන්ධ වීමට ගස් නැග දුරකථන ඇමතුමක් ගත් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ ඇමතිවරයෙකු පිළිබඳ වාර්තා වෙයි.
මධ්‍යම රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අර්ජුන් මේග්වාල් මෙම ඉරණමට මුහුණදී ඇති අතර, සිය ජංගම දුරකථනයේ සංඥා අවමවීම නිසා රාජස්ථාන මැතිවරණ ප්රචාරක කටයුත්තක් අතරතුර ඔහුට මෙම අකරතැබ්බයට මුහුණදීමට සිදුව තිබේ.
එහිදී, සිය ඡන්දදායකයන්ගේ ප්‍රශ්නවලට සවන් දෙමින් සිටි ඇමතිවරයා අදාළ නිලධාරීන් සිය ජංගම දුරකතනය මගින් සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවක්ම උත්සාහ කළද සංඥා අවමවීම නිසා එය සිදුකර ගැනීමට නොහැකි වී තිබේ.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ තම ඉල්ලීම් දිනාගැනීමට ක්‍රියාකළ එම ජනතාව පවසා ඇත්තේ පහළට සංඥා නොතිබුණත්, ගසකට නැගගත් විට සංඥා පවතින බවයි.
ඒ අනුව, 62 හැවිරිදි වියේ පසුවන අමාත්‍ය මේග්වාල් අසල වූ ගසක් දෙස මඳවේලාවක් බලාගෙන සිට ඇත්තේ තමාට එම ගසට නැගීමට තරම් ශක්තියක් නොමැති බැවිනි.
එහිදී, තම බලාපොරොත්තු අත් නොහළ ජනතාව වහාම ඉනිමගක් ගෙනැවිත්, එය අසල ගසට හේත්තු කරමින් අමාත්‍යවරයා එහි ඉහළට නංවා ඇමතුම ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

