චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්රමුඛව පසුගියදා බ්‍රිතාන්‍යයේ සංචාරය කළ චීන දූත පිරිස අතිශය අශිෂ්ට පිරිසක් බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින පවසා තිබේ.
බංකිංහැම් මාලිගයේ, උද්‍යානයේ පැවති භෝජන සංග්‍රහයක් අතරතුර උසස් පොලිස් නිලධාරිනියක සමග කතා කරමින් සිටියදී රැජිනගේ මුවින් මෙම අදහස් ඉස්මතු වූ බව බී.බී.සී.ය කියයි.
කෙසේ වෙතත්, බකිංහැම් මාලිගය පවසා තිබුණේ චීන දූත පිරිසේ බ්‍රිතාන්‍ය සංචාරය අතිශය සාර්ථක සංචාරයක් බවය.
බ්‍රිතාන්‍ය වෙත චීන ආයෝජන ආකර්ෂණය කරගැනීමේ එරට රජයේ ප්‍රතිපත්ති අනුව යමින් ෂී ජින්පින් වෙත මෙම ඇරයුම සිදුකර තිබුණි.
කෙසේ වෙතත්, මහ රැජිනගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙතෙක් චීනය කිසිදු පිළිතුරක් ලබාදී නොමැත.