ගෙවීගිය 2017 වසරේ චීනයේ ස්මාට්ෆෝන් වෙළෙඳ පොළ 4%කින් පහළ ගොස් ඇති බව ඔවුන්ගේ දත්ත අධ්‍යයනය කරමින් පර්යේෂණ ආයතන පවසයි.
ලෝකයේ විශාලතම ස්මාට්ෆෝන් වෙළෙඳ පොළ ලෙස සැලකෙන චීනයේ දශක කිහිපයක් පුරා දුටු වේගවත් වර්ධනයෙන් පසුව එම වෙළෙඳ පොළේ පහළ යෑමක් දුටු ප්‍රථම අවස්ථාව මෙය බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත්, මේ වනවිටත් චීන වෙළෙඳ පොළ තුළ ප්‍රබල අලෙවියක් පෙන්වමින් වෙළෙඳ පොළ ජය ගැනීමට හුවාවේ, ඔප්පෝ සහ විවෝ යන දුරකථන නිෂ්පාදන සමාගම සමත්ව ඇති බවද කියැවේ.
මේ ආකාරයෙන් සමස්ත වෙළෙඳ පොළ තුළ සුළු පහළ යෑමක් පෙන්නුම් කළද පසුගිය වසරේදී හුවාවේ වෙළෙඳ නාමයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවද සඳහන් වේ.
විශේෂයෙන්ම 2010 සහ 2015 යන කාල පරාසය තුළ චීන ස්මාට්ෆෝන් වෙළෙඳ පොළ තුළ බලය පෙන්වීම ඇපල් සහ සැම්සුන්ග් වෙළෙඳ නාමයන් දෙක යටතේ පැවතුණත්, ඉන් පසුව ගෙවීගිය වසර දෙකෙහි චීන ස්මාට්ෆෝන් සමාගම් ඒ අයිතිය නැවතත් ඔවුන්ගෙන් උදුරාගෙන තිබුණි.