දකුණුදිග චීනයට බලපා ඇති දැඩි ශීත කාලගුණය සමග එරට පොදු ප්රවාහන සේවා ඇණ හිටීමෙන් දුම්රිය ස්ථානවලින් පිටත දහස් ගණන් ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
ප්රධාන වශයෙන් ගුආන්ග්සු දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම ජනයාගෙන් පිරීගොස් ඇති අතර, බලධාරීන් පෙන්වාදෙන පරිදි ලක්ෂයකට ආසන්න ජනතාවක් සඳුදා රාත්රියේදී දුම්රිය ස්ථානය පිටත රැඳී සිට ඇත.
චීනය පසුගිය වසරේදී පවා අත් නොදුටු දැඩි ශීත කාලගුණයකට මේ වනවිට මුහුණදෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
චීන චන්ද්ර වර්ෂයේ උදාවටද බාධා කරමින් බලාපොරොත්තු නොවූ දැඩි හිම පතනයක් මෙසේ ලැබී ඇති අතර, නව වසරේ උදාව සමග විවිධ පළාත්වල සිට පැමිණි ජනයා සිය ගම්බිම් බලා ගමන් කරන නිසා මේ ආකාරයෙන් අධික තදබදයක් ඇති වී තිබේ.