චීනයේ ගඩොල් කර්මාන්ත ශාලාවක කම්කරුවන්ට හිඟ වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන්ට අදාළ මුදල්වලට සරිලන ලෙස ගඩොල් ලබාගැනීමට කම්කරුවන් පිරිසක් තීරණය කර තිබේ.
චීන මාධ්‍ය වාර්තා කරන ආකාරයට යුවන් 90,000ක හිඟ වැටුපක් ගෙවීමට තිබුණත්, අවසානයේදී යුවන් 80,000ක් වෙනුවට ගලෙඩාල් 290,000ක් ලබා ගැනීමට කම්කරුවන් පිරිස එකඟ වී ඇත.
චීනයේ කඳුකරයේ සිට ගිණිකොණදිග චීනයට සංක්‍රමණය වූ මෙම කම්කරුවන් බහුතරය ඉතාම දුගී පිරිසක් බවද කියැවෙයි.
කෙසේ වෙතත්, තම වේතනයට සරිලන වටිනාකමට ගඩාල් ලබාගැනීමට ඔවුන් එකඟවීම හේතුවෙන් අධිකරණයේ සහාය ඇතිව කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් මෙම ගැටලුව මෙසේ සමතයකට පත්කර ගැනීමට හැකිවී තිබේ.
නමුත්, තවත් යුවන් 10,000ක මුදලක් ගෙවීමට ඉතිරිව ඇති බැවින් මෙම ඉතිරි මුදල කම්කරුවන් වෙත ගෙවීමට ක්රමයක්ද අදාළ ගඩොල් කර්මාන්ත ශාලා හිමිකරුවන් සොයමින් සිටින බව කියැවෙයි.
කෙසේ වෙතත්, මේ සිදුවීම චීනයේ සමාජජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ සිදුවීමක් බව සඳහන් වෙයි.