චීනයට බලපා ඇති මෝසම් වැසි සහිත කාලගුණය හේතුවෙන් යැංග්සේ ගංගාව පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරින් ජීවිත 180ක් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ පළාත් හතකට සෙ.මී.10 - 50ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, මෙම අධික වැසි සහිත කාලගුණය කිලෝමීටර් 1,600ක් තරම් දුරට විහිදෙමින් මධ්‍යම හා දකුණුදිග චීනය මහා ජලකඳකින් යට කර ඇති බවද කියයි.
මේ අතර, මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයන් 45 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, මෙය එරට මිලියන 33ක ජනතාවට සෘජුවම බලපා ඇති බවත් පැවසෙයි.
ගංවතුර නිසා දුම්රිය මාර්ග රැසක්ද ජලයේ ගසාගෙන ගොස් ඇති අතර, මාර්ග පද්ධතියද සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇති බවද කියයි.