දකුණුදිග චීනයේදී මකර බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතා පටු, මෙන්ම ඉතා දිග බෝට්ටුවක් වන මෙම මකර බෝට්ටුව ඊයේ මෙසේ අනතුරට පත්ව තිබුණු අතර, එහි සහායට පැමිණි තවත් බෝට්ටුවක් පෙරළී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
ගූලියාන් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවල පුද්ගලයන් 60ක් පමණ සිට ඇති බව කියැවෙයි.
රාත්‍රී කාලය වනතුරුම මුදාගැනීමේ මෙහෙයුම් සිදුව ඇති අතර, පුද්ගලයන් 40ක් පමණ නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.
ෂින්හුවා පුවත් ඒජන්සිය පවසා තිබුණේ, 200කගෙන් පමණ සමන්විත මුදාගැනීමේ කණ්ඩායමක් මෙම ස්ථානය වෙත යවා ඇති බවයි.