උතුරුදිග චීනයේ පාසලක් තුළ සිදුවූ පිහි ප්‍රහාරයකින් පාසල් සිසුන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
ශාන්ෂි පළාතේ තෘතීයික පාසලක් තුළ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ප්‍රහාරකයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඔහු 28 හැවිරිදි සාහෝ ලෙස හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරකයා මෙම පාසලේම ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යයෙකු බව පොලීසිය පවසයි.
ඔහු පාසල් යන සමයේදී වසර කිහිපයක්ම පාසල තුළදී ඔහු සමච්චලයට ලක්ව ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර, ඊට පළි ගැනීමක් වශයෙන් ඔහු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලීසිය කියයි.
එමෙන්ම, මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය සිසුන් අතරින් පස් දෙනෙකු ගැහැණු දරුවන් වන අතර, දෙදෙනෙකු පිරිමි දරුවන් වෙති.