චීනය සිය ප්‍රථම ප්‍රවාහන අභ්‍යවකාශ යානය ඊයේ (20දා) රාත්රියේදී අභ්‍යවකාශ ගත කිරීම සිදුවිය.
2020 වසරේදී චීන අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමේ වැඩපිළිවෙළෙහි සුවිශේෂී සංධිස්ථානයක් ලෙස ඔවුහු මෙය හුවා දක්වති.
Tianzhou-1 ලෙස නම් කෙරුණු මෙම අභ්‍යවකාශ යානය, දකුණුදිග චීනයේ, හයිනාන් පළාතේ, වෙන්චැන්ග් අභ්‍යවකාශ ගුවන්ගත කිරීම් මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කෙරුණු බව පැවසෙයි.
චීනය විසින් පසුගිය නොවැම්බර් මාසයේදී සිය දීර්ඝතම අභ්‍යවකාශ සංචාරය සැමරීම ඇතුළු ඔවුන් මේ කාලය තුළ අභ්‍යවකාශ තරණයේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද මෙය සැලකෙයි.
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ නියෝජ්‍ය සභාපති වූ යැන්හූ පවසා සිටියේ ඔවුන්ගේ සමස්ත ඉලක්කය වර්ෂ 2030 වන බවයි. එය චීනය ලෝකයේ ප්‍රමුඛතම අභ්‍යවකාශ ශක්තිය චීනය වෙත ළඟාකර ගන්නා ඉලක්කය එය බව ඔහු අවධාරණය කරයි.