චීනයේ බීජිං වටරවුම් මාර්ගයේදී පැයට කිලෝමීටර් 237ක වේගයක් ඉක්මගිය යතුරුපැදිකරුවෙකුට අනතුරුදායක අයුරින් යතුරුපැදි ධාවනය සම්බන්ධයෙන් අත්අංඩගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් තැනැත්තා වයස අවරුදු 30ක පුද්ගලයෙකු බවත්, ඔහු පැන්ග් යන වාසගමින් හැඳින්වෙන්නෙකු බවත් චීන මාධ්‍ය පවසයි.
කිලෝ මීටර් 37.5 ක වටප්‍රමාණයකින් යුතු මෙම වටරවුම් මාර්ගය විනාඩි 13 යි, තත්ත්පර 43කින් ගමන් කිරීමට මොහු සමත්ව ඇති බවත්, එය අදාළ මාර්ගයේ ගමන් කිරීමට ලබාදී ඇති වේගයට වඩා තුන් ගුණයක වේගයක් බවත් පොලීසිය කියයි.