2017 පළමු වැනි කාර්තුවේදී චීන ආර්ථික වර්ධනය 6.9%ක් ලෙස ඉහළ අගයක් වාර්තා කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එය පසුගිය වසරේ පළමු වැනි කාර්තුව සමග සැසඳීමේදී පැහැදිලි වර්ධනයක් බවත්, මෙම වර්ධනය සම්බන්ධයෙන් සිදුකර තිබූ පුරෝකථනයන්ට වඩා වැඩි වර්ධනයක් බවත් පැවසෙයි.
චීන රජයේ මැදිහත් වීමෙන් සිදුවන යටිතල පහසුකම් සංවර්ධනය සහ දේපොළ වෙළෙඳාම් ක්ෂේත්රයේ පවතින ඉහළ ඉල්ලුමද ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ මෙම වර්ධනයට හේතුවී තිබේ.
කෙසේ වෙතත්, 2016 වසරේදී චීනය වාර්තා කළ 6.7% ක ආර්ථික වර්ධනය මෙම වසරේදී 6.5% ක් වනු ඇති බවට පසුගිය මාසයේදී සිය පුරෝකථනය පහළ අගයකට ගෙන ඒමටද චීනය කටයුතු කර තිබුණි.